Ayurga Ayurveda Medi Clinic
Medical Clinic
22/05/2026
දෙපාවල යටිපතුල් පැලීම හෝ ඉරිතැලීම සිදුවන්නේ වියළි සමක් ඇතිවිට. පෝෂණ ඌණතාවලින් පෙළීම, අධික ස්ථුලතාවය, උෂ්ණ ආහාර අධික ලෙස ගැනීම හා වියළි දේශගුණික තත්ත්ව මතත් එහෙම වෙන්න පුළුවන්.
එම නිසා එවැනි තත්ත්වයන්ගෙන් දෙපා ආරක්ෂා කරගත හැකි ස්වභාවික සත්කාර කිහිපයක් ගැනයි මෙවර බියුටි පිටුවෙන් අපි ඔබට කියාදෙන්න හිතුවේ.
වැඩි විස්තර සඳහා ධරණී බලන්න
22/05/2026
මීට අවුරුදු දෙසිය ගණනකට උඩදී, මහනුවර ප්‍රදේශයේ ‘ඉහගම කුමාරිහාමි’ කියලා කාන්තාවක් හිටියා. දවසක් මේ කුමාරිහාමි වැඩි ආරක්ෂාවට කියලා තමන්ගේ රන්, රිදී, මුතු, මැණික් ඇතුළත් වටිනා ආභරණ කිහිපයක් වේගල්චාරියා කියලා පුද්ගලයෙකුට භාර දුන්නා.
ඊට මාස කිහිපයකට පස්සේ ඇය ඒ ආභරණ ටික ආපහු වේ වේගල්චාරියාගෙන් ඉල්ලුවාම ඔහු ඒවා නැවත ලබාදීම ප්‍රතික්ෂේප කළාලු. ඒ ගැන කිපුණ ඉහගම කුමාරිහාමි හාරිස්පත්තුවේ දිසාවේ ඒජන්තවරයාට පැමිණිල්ලක් කළා. ඒ කාලේ ඒජන්තවරයාට පරිපාලන බලය විතරක් නෙවෙයි, නඩු අහන අධිකරණ බලයත් හිමිවෙලා තිබුණා. ඒ නිසා මේ නඩුව විභාග කරන්න ඒජන්තවරයා ඉදිරිපත් වුණා.
ඔහු නඩුව අහන අතරේ දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් බහින්බස්වීමක් දක්වා දුරදිග ගියා. ඒ වෙලාවේ ඉහගම කුමාරිහාමි ප්‍රකෝපකාරී විදියට හැසිරුණා. ඒජන්තවරයා එය මැඩපවත්වන්න කොතෙක් උත්සාහ කළත් ඉන් පලක් වුණේ නෑ.
අවසානයේදී ඉන් කෝපයට පත් ඒජන්තවරයා “මේ විදියට හැසිරුණොත් කෙස්වැටිය කපලා දානවා” කියලා ඉහගම කුමාරිහාමිට ගර්ජනා කළා. ඊටපස්සේ ඔහුගේ නියෝගයට අනුව ඉහගම කුමාරිහාමිගේ දිගු කෙස්වැටිය කපා දැම්මා.
හැබැයි ඒජන්තවරයාට වැඩ වැරදුණේ එතැනයි. ඒ කාලේ මහනුවර පැවති නීතියට අනුව කාන්තාවකගේ කෙස්වැටිය කපා දැමීම කියන්නේ බරපතළ වරදක්.
ඒ නිසා ඉහගම හාමිනේගේ ක්‍රියාකලාපයට වඩා ඒජන්තවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉහළ බලධාරීන්ගේ පවා අවධානය යොමු වුණාලු. මේ සිද්ධිය පාදක කරගෙන මහනුවර ප්‍රදේශයේ නොසන්සුන්තා සහ විරෝධතා මතුවුණ බවත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා. මේ තත්ත්වය මැඩපැවැත්වීමට එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා, දඬුවමක් ලෙස කාන්තාවන්ගේ හෝ පුද්ගලයන්ගේ කොණ්ඩය කපා දැමීම තහනම් කරමින් ආඥා පනතක් පැනෙව්වා. ඒ 1820 අංක 04 දරණ ආඥා පනත ලෙසයි.
ඒ පනත පනවලා මේ වෙද්දී බොහෝ කාලයක් ගතවුණත් අදටත් ඒ නීතිය වලංගුයි.
ඒ කොහොම වුණත් අද කාලේ බොහෝ කාන්තාවෝ ස්වකැමැත්තෙන් තමන්ගේ දිගු කෙස්වැටිය කපනවා. ඒ විලාසිතාවට, පහසුවට නැත්නම් කෙස් අග පැලීම වැනි හේතු පාදක කරගෙන.
කෙස් අග පැලී ඇත්නම් (split ends) ඒ හරහා හිසකෙස් අවුල් වෙන්න, වියැළෙන්න වගේම කැඩෙන්න වුණත් පුළුවන්. ඒ නිසා හිසකෙස් ටිකක් කපාගැනීමෙන් හිසකෙස් පැලීම වැළකී සුන්දර වරලසක් හිමිකරගන්න බැරි නෑ.
ඒ කොහොමවුණත් සාමාන්‍යයෙන් කාන්තාවකගේ කෙස් අග පැලීම සිදුවන්නේ හෝර්මෝන අසමතුලිතතා, කාලයක් පුරාවට කොණ්ඩය අග නොකැපීම, නෑමෙන් පසු තෙත කොණ්ඩය ගැට ගසාගෙන සිටීම හා පරිසර උෂ්ණත්වය ඉහළ යෑම වැනි හේතු මත.
නෙත්මි තෂාරා
සම්පූර්ණ ලිපිය කියවන්න, ධරණී පුවත්පත බලන්න
17/04/2026
Dr. S.M. Madushani Wathsala Kumari
SLAMC 16406
BAMS Hons (UoC) (SL)
Pg.Dip.in Health Development (UoC) (SL)
Dip.in Ayurveda Beauty Culture & Panchakarma (OCATM) (SL),Dip.in Counseling (SDTI) (SL),Cer. In Pharmaceutical Sciences (IMHS)(SL)
📞 0712999556
Ayurga Ayurveda Medi Clinic 👩⚕☘️
NO. H/47, ALKEGAMA, MAKEHELWALA, MAWANELLA.
Ayurga Ayurveda Medi Clinic 👩⚕☘️
NO. H/47, ALKEGAMA, MAKEHELWALA, MAWANELLA.
Dr. S.M. Madushani Wathsala Kumari
SLAMC 16406
BAMS Hons (UoC) (SL)
Pg.Dip.in Health Development (UoC) (SL)
Dip.in Ayurveda Beauty Culture & Panchakarma (OCATM) (SL),Dip.in Counseling (SDTI) (SL),Cer. In Pharmaceutical Sciences (IMHS)(SL)
📞 0712999556
07/03/2026
Celebrating 2 Years 🎉🎊🎈✨
Always putting my patients first and giving them the gift of health... 👩⚕🍀
NO. H/47, ALKEGAMA, MAKEHELWALA, MAWANELLA
📞 071 2999556
27/02/2026
02/02/2026
විවිධ සමේ රෝග සදහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර 🍀
වර්තමානයේ දක්නට ලැබෙන රෝග අතර සම ආශි‍්‍රත රෝග බහුල වෙයි. සමේ රෝග ඇති වීමට වයස් භේදයක් නොමැති අතර විවිධ අසාත්මිකතා නිසාද සමේ රෝග ඇති හටගනී. එලෙසම එය තව තවත් වර්ධනය වළක්වා ගන්නට කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය වේ. නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ඉතා වැදගත්ය.
Category
Website
Address
Mawanella
71500
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Ayurga Ayurveda Medi Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.