Drunken Muffin
Convey your feelings with gifts
01/06/2025
🤔
❤🥀 කවුරුද හැඬුවේ ... කාටද රිදුණේ 🎶 ...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🌸 සවන හරහා බුද්ධියට ආමන්ත්‍රණය කරන්නට දරන්නා වූ මාහැඟි වෙරක් වේද , මේ ගීතයේ සරල වදන් තුළට කින්දවා ඇති සියුම් හැඟීමකින් පවා ඒ බැව් විශද වනු ඇත්තේ ය.
🌸 සුණු විසුණු වූ ප්‍රාර්තනා ගොන්නක් මධ්‍යයේ ඇයගේ නෙතට හසුවූ , මොළයෙන් ආඥා දුන් , ගතින් ක්‍රියාකාරී වූ එක ම විසඳුම සියදිවි නසාගැනීමයි.මෙවැනි හැඟීමක් ඇති වූ සහ ඇතිවන එක ම පුද්ගලයා ඇය නොවේ.වචනයෙන් විස්තර කළ නොහැකි ඒ අමිහිරි , ප්‍රබල පරාජී හැඟීම ඔබට ජීවිතයේ එකම එක් දිනෙක හෝ නොදැනුණා නම් ඔබ ජීවිතය විඳින්නට හුරු වූ දිරි ඇත්තකු විය හැකිය.
🌸 තමාව නොසලකා හැර , තමුන්ගෙන් පරිබාහිර වූ ලෝකයෙන් සතුට සොයන්නට යාමෙන් ස්ථිරසාර වූ තෘප්තියක් ලද්දෙකු සිටිය නොහැක්කේ යැයි හැඟේ.ඒ මන්ද සතුට උපදින්නේ ම අප තුළින් මැ මිස අන්‍යයකින් නොවන බැවිනි.නොදැන නොව , දැන දැන ම අප ඒ මුළාවට හසුවන්නේ ආචිණ්ණගත මිනිස් හුරුවක් නිසා හෝ පෘථග්ජන මිනිසුන් වන අප තුළ සහජයෙන් පවතින්නා වූ බොළඳ බව ඉස්මතු වන නිසා දැයි නිනව් නැත.
🌸 තම පණට සරි හිතවතා යැයි ලොවට හඬගා කියන තමන්ගේ ම සබැඳියන්ට පවා නොපැවසූ , නොහැඟ වු යම් කරුණකින් සිත පෙළෙමින් පීඩාවට ලක් වන , විඳවමින් කල්මරණ අහිංසක ජීවිත සමුදායක් මෙලොව නොමැත්තා නොවේ.දවාලේ සිනා සී රෑ අඳුරේ හඬාවැටෙන ඇතැමුන්ගේ සිතේ සැඟවූ අහු මුලු කෙබඳු දැයි , පිටත හිඳිනා අප , කෙසේ නම් කියවන්න ද ?
🌸 කඳුළින් පොඟවා තෙත බරිත කළ හැකි නම් , ඇතැම් හදවත් මෙවැනි උච්ච පියවරකට යාමට තරම් දෘඪ ස්වභාවයක් අත් කර නොගන්නට අවකාශ ඇත.
🌸 මියෙන තුරු පිහිට නොවූ ධර්මයක් උපුටමින් , නිස්කාරණේ දොස් නඟමින් විචාර සංග්‍රහ කරන්නට දහසක් දෙනා සිටිය ද , ඇයව හෙළා දැක පොරක් වීමට ඒ කිසිවෙකුට සාධාරණ අයිතියක් නොමැත.වග විභාගයකින් තොරව විනිශ්චයන්ට එළඹ , අඳුරේ අතපත ගා එළඹුණු නිගමන නිසා පසු කාලීනව අප හෝ අප නිසා අනිකකු විඳවීමට ඇති සම්භාවිතාව ඉතා ප්‍රබල බව සිහි කටයුතුය.
🌸 අප චිත්ත සත්තානගතව පවතින්නා වූ විප්පයෝගය , ගැඹුරු ප්‍රේමය , දැඩි ඊර්ෂ්‍යාව ප්‍රතිභිම්බනය ආදීන්ගේ යථා ස්වභාවය , ඔවුනොවුන්ගේ මුවින් පිටවන වදනකින් , බාහිර රංගනයෙන් මිණිය හැකි වේ යැයි සිතීම උගහට ය.මිනුම් දණ්ඩකට එවැන්නක් සරි නොවේ.
🌸 මල් සුවඳක් වැනි මිහිරි ජීවිතයේ , සර්ව සම්පූර්ණ සතුටක් කෙසේ නම් සොයන්න ද ? දුක දැනෙන විට , හද රිදෙන විට හැකි නම් ඒ කඳුළ ම තම සබැඳියෙකු කරගන්නට , කඳුළට ප්‍රේම කරන්නට ..... අල්ප වූ සහනයක් හෝ දැනෙනු නිසැකය.
🌸 අසීමාන්තික අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීමෙහි ලා අපොහොසත් ව සැණින් ඉච්ඡාභංගත්වයට පත්වනසුලු හදවතක් හිමි සංවේදී මනුෂ්‍යයාට " හංසයා දියෙන් කිරි වෙන් කරගන්නා සේ " දුක් ගඟුලකින් වුව සතුටු මාත්‍රය
ක් අහුලා රස විඳින්නට දිරියක් ලැබෙනුයේ නම් කෙතරම් අගී ද ?
" දුක නැති ලොවක සතුටක් කොයින් ද ?
විරහවක් නැති ලොවක ප්‍රේමයක් කොයින් ද ?
නොලැබීම් නොතිබුණා නම් ' ලැබීම ' ට අර්ථයක් කොයින් ද ? "
🌸 ප්‍රතිපක්ෂයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධය නිසා ම ලොව තුළ සත්භාවයක් හෙවත් පැවැත්මක් සහිත සංකල්පකෙතරම් නම් බිහි වී ඇත් ද ? පසු පස හබා ගොස් ලබාගන්නා ජයග්‍රහණයට මෙන් ම නිරායාසයෙන් අපව සොයාගෙන අප වෙනුවෙන් ම සපැමිණි දේවල වටිනාකම හැඳින , තෘප්තියට පත් වී , ගෙවෙන මොහොත විඳින්නට හැකි දිනෙක ..... සැබවින් ම ඔබේ මගේ අප සැමගේ මනස සතුටින් සතුට පෙරා ගැනීමට හුරුවනු ඇත.
🎶 මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දොළක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ 🎶
🎶 වරක් නෙතඟ කඳුළැලි පිරුණා දෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ 🎶
[ මුල් ගායනය :-
සේනානායක වේරලියද්ද මහතා ]
" ඔබ කඳුළට ප්‍රේම කරන්නට ඇරඹූ දා සිට ඒ අමිහිරි කඳුළ ම , ඔබට සබැඳිළෙකු වී ඔබේ මුවඟට මෙන් ම හදවතේ ගැඹුරු ම අංශුවට සිනාවක් ලබා දෙනු නො අනුමානය "
- බෝලේ 🏀 -
2021.01.14 [ බ්‍ර ]
01/06/2025
🌵 🌹
14/10/2021
13/09/2021
Contact 0715130624
Free delivery kaduwela,wattala,kiribathgoda,malabe area
We're bound to surprise your sweetheart & Familiars....❤️❤️❤️❤️
Category
Telephone
Website
Address
Kothalawala, Kaduwela
Kaduwela
112233
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Drunken Muffin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.